Trending Newsඑසැන පුවත්ගොසිප්දේශීය

ලැප්ටොප් බෑගය බාර නොදීී, විශ්‍රාම ගිය උසස් නිලධාරියාගේ වැටුපෙන් රු. 10000ක් කපයි.

ජනාධිපතිවරයාගේ ඉහළ පැසසුමක් ලබා පසුගියදා විශ්‍රාම ගිය, ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අමාත්‍යාංශයෙන් ලබාගත් ලැප්ටොප් පරිගණකයට අදාළ බෑගය භාර නොදීම නිසා ඔහුගේ අවසන් වැටුපෙන් රුපියල් දස දහසක මුදලක් කපා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට අදාළ අමාත්‍යාංශයෙන් උසස් වර්ගයේ ලැප් ටොප් පරිගණකයක් ලබාදී තිබී ඇත.

ඔහු විශ්‍රාම යෑමෙන් පසුව අදාළ ලැප්ටොප් පරිගණකය අමාත්‍යාංශයට එවා ඇතත්, එය බහා තිබූ බෑගය ඒ සමඟ එවා නොතිබුණු බව පැවසේ.

මේ නිසා අදාළ ලැප්ටොප් බෑගය භාරදෙන ලෙස , විශ්‍රාමික නිලධාරීයාට අමාත්‍යාංශයෙන් දැනුම් දුන්නද, ඔහු අමාත්‍යාංශය වෙත එවන ලද්දේ අදාළ පරිගණකයට අයත් නොවන බෑගයක් බව වාර්තා වේ.

එම බෑගය භාර ගැනීමට නොහැකි බවත්, නියමිත බෑගය එවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය විසින් අදාළ නිලධාරියාට නැවත වරක් දැනුම්දී ඇතැයි පැවසේ.

මේ අතර, අදාළ නිලධාරියා විදෙස් ගතවීමට නියමිතව සිටි දිනයේදීද අමාත්‍යාංශයෙන් ඇමතුමක් ඔහුට ලබාදී දැනුම්දී ඇත්තේ ලැප්ටොප් පරිගණකයට අදාළ බෑගය ලබාදීමට කටයුතු කරන ලෙසය.

නමුත්, අදාළ බෑගය ලබා දීමට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කටයුතු නොකිරීම නිසා ඔහු විශ්‍රාම යෑමට පෙර සේවය කළ මාසයේ වැටුපෙන් රුපියල් දස දහසක මුදලක් අඩු කිරීමට කටයුතු කර ඇතැයි අනාවරණය වේ.

වැටුප අඩුකිරීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි දුරකථන ඇමතුමක් දී භාණ්ඩ බාරගනු ලබන නිලධාරියාගෙන් මේ ගැන විමසූ විට ඔහු “සර් දැන් ඉන්නේ රටනේ මම ඉන්නේ ලංකාවේ…මට නම් හිරේ යන්න බැහැ… වෙනද නම් පිටකොටුවෙන් හරි බෑග් එකක් ගෙනත් දාලා මේක විසඳනවා දැන් එහෙම කරන්න බැහැ…සොරි සර්…” යනුවෙන් පවසා ඇති බවයි.

Related posts

Ranil Wickremesinghe’s security detail reduced

Mohamed Dilsad

பெரும்பாலன பகுதிகளில் நாளை வெப்பமான வானிலை

Mohamed Dilsad

Motor-cycle group attacks 2 youths

Mohamed Dilsad

Leave a Comment