Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1977ක්, ආසන්න ප්‍රමාණයක් තාමත් තමන්ගෙ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැතිව, ඒ අනුයුක්ත කිරීම් ලබාගන්න බැරිව, පද්ධතිය ඇතුළෙ රැඳිලා ඉlසිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදීය. .

රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා, ඒ නිසා පද්ධතියට අලුතින් එකතු වන වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබාදීලා ඔවුන්ව මේ වෛද්‍ය හිඟය මගහරවා ගැනීම සඳහා යොදාගැනීම අතිශයින්ම වැදගත්.බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

පුහුණුව අවසන් කළ, 1400ක කණ්ඩායමක් දැන් තමන්ගෙ සීමාවාසික පුහුණුව අවසන් කරලා මාස 9 කට අධික කාලයක් මේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළෙ ඉන්නවා. එක පැත්තකින් ඔවුන්ගෙ කාලය විනාශ වෙන්නෙ. අනිත් පැත්තෙන් ඔවුන්ගේ සේවාව මේ වෙනකොටත් අර්බුදයට පත්වෙලා තියෙන රෝහල් පද්ධතියට ලබාගන්න තියෙන අවස්ථාව තමයි මේ අවහිර වෙමින් තියෙන්නෙ”

Related posts

UNF to meet Speaker on remanding of MP Patali

Mohamed Dilsad

உயர் நீதிமன்ற நீதிபதி பிரசன்ன ஜயவர்தன காலமானார்

Mohamed Dilsad

කුඩු සුමංගලි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment