Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කොරියා ජනාධිපතිගෙන් රුසියාවට පොරොන්දුවක්

යුක්‍රේන – රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ තෙදින සංචාරයක නිතර වී සිටින අතර එහිදී දෙරට අතර ඉහළ මට්ටමේ උපාය මාර්ගික සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදී උතුරු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එමෙන්ම යුක්‍රේනයට එරෙහිව රුසියානු යුද්ධය සඳහා ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රුසියාවට මිලිටරි සහායක් ලබා දෙන බවද උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබේ.

මේ අතර මෙම හමුව අනතුරුව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍යවයරයා සහ කිම් ජොන් උන් අතර හමුවේදී යුක්‍රේන සහ රුසියානු යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට යොමු කරන ලද හමුදා භටයින්ට රුසියාව ස්තූතිය පුද කළ බවය.

Related posts

පෙන්ෂන් යැවීමේ නීතිය ජනවාරියේ සිට

Mohamed Dilsad

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

Mohamed Dilsad

ஶ்ரீ.சு.கட்சியின் அமைப்பாளர் பதவிகளில் இருந்து ஐந்து  பேர் பதவி நீக்கம்…

Mohamed Dilsad

Leave a Comment