Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ තීරුබද්ද හේතුවෙන් ඇඟළුම් කර්මාන්තය අවධානමේ – වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි. ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා මෙසේ ද කීවේය. සියයට “10% බද්ද තියෙනකොට – ඇඟළුම්වලට 6% – 16% අතර බද්ද තියෙනකොට – ඒත් කර්මාන්තශාලා ගණනාවක් වැහුණා. විදුලි බිල අඩුකරන්න තියෙද්දී ජනාධිපතිතුමා පළමුවෙන්ම ඒ වගකීම පැහැර හැරියා. ඔක්තෝබර් අඩුකළා නම් 33% කින්, අපි ජනවාරි 20% කින් අඩුකරනවා. මේ මාසෙත් ඉන්ධන මිල නිවැරදිව අඩු කරන්න කියලා මම කරුණු පෙන්නුවේ ඒකයි. එක නැවක් ස්පොට් ටෙන්ඩරයට ක්ෂණික මිලදීගැනීමට ගෙනල්ලා ඉන්ධන මිල වැඩි කළා. විදුලියයි ඉන්ධනයි වැඩිකිරීම මත 10% බද්ද තියෙද්දීත් ඇඟළුම්වලට 6% – 16% තියෙද්දීත් අපේ කර්මාන්තශාලා වැහුණා. වියදම වැඩියි කියලා අද බහුජාතික සමාගම් ඉවත් වෙනවා. ළංමැඩි න්‍යායට නිකම් හිටියා. ඉතා ක්ෂණිකව මාසයක් එකහමාරක් යනකොට රට තුළ නැගෙන්නේ රැකියා විරහිත අඳෝනා.

තෙල් සංස්ථාව රකිනවා කියලා ඇවිල්ලා 3750ක් එළියට දාන්න යන්නෙ. ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මොන උද්ඝෝෂණය කළත් මොන වැඩවර්ජනය කළත් විපක්ෂය මොන දැඟළිලි දැඟළුවත් අපි කරන දේ කරනවා කියලා. එහෙම නම් මේ යන්නේ වහල් යුගයකට, වැඩවසම් යුගයකට. සමස්ත විපක්ෂය සහ නායකයො පාරට බැසිය යුතුයි, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එන්න ලෑස්තියි. විපක්ෂයට වගකීමක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව නැගිට්ටවන්න”

Related posts

சர்வதேச புகழ்பெற்ற Big bad wolf sale புத்தகக் கண்காட்சி

Mohamed Dilsad

Water cut in Wattala

Mohamed Dilsad

Yoshitha Rajapakse re-instated as Lieutenant in the SL Navy

Mohamed Dilsad

Leave a Comment