Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියෙන් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

සීදූව ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා. අද උදෑසන කාලයේ සීදූව 18 කණුව ප්‍රදේශය ආශ්‍රිතව පුද්ගලයෙකු කළහකාරී ලෙස හැසිරෙමින් නිවාසවලට අලාභ හානි සිදුකරන බවට පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ සැකකාර පුද්ගලයා විසින් පොලීසියට ද ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී පොලීසිය විසින් සැකකාර පුද්ගලයාගේ පාදයකට වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

Related posts

சங்ரில்லா ஹோட்டல் இன்று மீண்டும் திறப்பு

Mohamed Dilsad

இலங்கை – பங்களாதேஷுக்கு இடையே 12 புதிய உடன்படிக்கைகள் கைச்சாத்து

Mohamed Dilsad

අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට

Editor O

Leave a Comment