හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිෂම විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිෂම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිෂම සඳහන් කළේය.
