Trending Newsඑසැන පුවත්දේශීය

ෆැල්කන් මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයෙන් බලපෑමක් වුණාදැයි-මෙරට තොරතුරු පද්ධති 40කින් වාර්තා කැඳවයි.

(UTV | කොළඹ) –

ඇමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක ෆැල්කන් මෘදුකාංගයේ ඇතිවූ තාක්ෂණික දෝෂයෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40කට අදාළ වාර්තාවක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ එම තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන්නේ මයික්‍රොසොෆ්ට් ‍යෙදවුම් මත පදනම්වද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම වාර්තා කැඳවූ බවයි.

එමෙන්ම පෞද්ගලික ආයතන 4කට එහි බලපෑම් ඇතිවී ඇති බවත් බැංකු දෙකකට ද යම් බලපෑමක් සිදුව ඇති බවත් වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතු‍වෙන් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපොළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවල අඩාලවීම් වාර්තාවිය.

Related posts

Yemen war: Houthi rebels claim mass capture of Saudi troops

Mohamed Dilsad

Three Wheeler – Lorry Collided In Monaragala – Wellawaya Road

Mohamed Dilsad

Michael Jackson honoured on 10th anniversary of his death

Mohamed Dilsad

Leave a Comment