Trending Newsඑසැන පුවත්දේශීය

කෘත්‍රීම බුද්ධිය (ඒඅයි) පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

(UTV | කොළඹ) –

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා පැවැත්වී‌මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 18දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වන අතර ජුලි 23 වන අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

ජුලි 24 වන බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමේ (ඒඅයි මගින් ) ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ජුලි 25 වන බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබේ. ඒ අනුව අදාළ විවාදය සඳහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සලකා නොබැලීමටත් මෙහිදී ඒකඟත්වය පළවී ඇත.

Related posts

இந்திய பிரதமரை சந்திக்கவுள்ள இங்கை பிரதமர்

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් කටුනායකට

Editor O

President seeks Australian nuclear technology for CKDu research

Mohamed Dilsad

Leave a Comment