Trending Newsඑසැන පුවත්දේශීය

‌කොළඹ කොටුවේ ගොඩනැගිල්ලකට රතු නිවේදනයක්

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලට සෞඛ්‍ය බලධාරීන් විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම බලධාරීන් පවසන්නේ ක්‍රිෂ් ගොඩනැගිල්ල පිහිටි භූමිය දැඩි ලෙස මදුරුවන් බෝවන ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉන් කොළඹ නගරයටම සෞඛ්‍ය අවධානමක් මතු කරන බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග යටතේ එම පළාත පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන පරීක්ෂාවකදී මෙම තත්වය පිළිබඳ අනාවරණය වී තිබිණ.

මෙම අනාවරණයන්ගෙන් අනතුරුව කොළඹ මහ නගර සභාව, මධ්‍යම කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කීට විද්‍යා ඒකකයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාවල ලක් කර තිබූ අතර එහිදී ගොඩනැගිල්ලේ මදුරුවන් බෝවන ස්ථාන කිහිපයක් තිබෙන බව සඳහන්.

ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන් එම පරිශ්‍රය වහාම ධූමකරණයට සහ කෘමිනාශක ප්‍රතිකාරවලට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන වහා ඉවත් කරන ලෙස ගොඩනැගිල්ලේ කළමණාකාරීත්වයට උපදෙස් ලබා දෙමින් රතු නිවේදනයක් නිකුත් කර තිබිණ.

Related posts

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

சுதந்திரக்கிண்ண T20: முதல் போட்டியில் இலங்கை அணி 5 விக்கெட்களால் வெற்றி

Mohamed Dilsad

වැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

Leave a Comment