දේශීය

වැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයි

(UTV | කොළඹ) – වැඩිහිටි , වකුගඩු , ආබාධිත දීමනා යටතේ රුපියල් මිලියන 3057 ක මුදලක් ඊයේ (07) සවස 04.00 වන විට ගෙවා ඇති බව සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් හාර ලක්ෂ 88 දහස් 243 කට වැඩිහිටි දීමනාව ලෙස රු.මිලියන 2441 ගෙවා තිබේ.

වකුගඩු දීමනාව ලෙස සියළුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වකුගඩු රෝග වලින් පෙලෙන 32 417 දෙනෙකු සදහා රු.මිලියන 162 ක මුදලක් ද විවිධ ආබාධිත වලින් පෙලෙන පුද්ගලයින් 90 870 දෙනෙකු සදහා රු.මිලියන 454 ක මුදලක් ඊයේ පස්වරු 4.00 වන විට ගෙවා ඇති බවද ආබාධිත මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මේ අනුව ප්‍රතිශතයක් ලෙස 83% කට වැඩි ප්‍රතිලාභීන්ට මෙම වැඩිහිටි, ආබාධිත වකුගඩු දීමනා ඊයේ පස්වරුව වන විට ගෙවීමට හැකි වූ බව සමාජ ආරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

Mohamed Dilsad

මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment