දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ අයට පොලිස් අවවාද

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 404 ක රියැදුරන්ට හා වායුසමනය කළ බස් 92 ක රියැදුරන්ට පොලිසිය විසින් අවවාද කර තිඛෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ වෙලදසැල් 562 ක වෙලෙදුන් වෙතද අවවාද කළ බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කලේ.

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගත් මෙම මෙහෙයුම පැවැත්වුනේ ඊයේ පස්වරු 2 සිට 4 දක්වායි. ඊට පොලිස් නිලධාරින් 494 ක් එක්වුනා.

මගී ප්‍රවාහන බස් 986 ක් / වායු සමනය කළ බස් 218 ක් හා වෙලෙදසැල් 1278 ක් ද මෙහිදි පරීක්ෂාවට ලක් කෙරුණා.

Related posts

විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අරවින්දගේ නායකත්වයෙන් තාක්ෂණික උපදේශක කමිටුවක්

Mohamed Dilsad

හදිසි විදුලි විසන්දිය ගැන ඇමති කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment