දේශීයප්‍රමුඛ පුවත 1

2020 බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේදී

(UTV | කොළඹ) – බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ, බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.

2018 වසරේ සිට 2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය ශ්‍රී ලංකාව දරනු ලබන අතර, මෙවර සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මාර්තු 01 වනදා සිට 03 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර එහිදී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳ අවසන් තීරණයකට එළැඹුනු බවයි.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි.

මෙහි ප්‍රදාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණ හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි.

Related posts

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට අගමැති අද උතුරට….

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment