ප්‍රමුඛ පුවත 1

සිසුන් පිරිසක් පහරදී සිසුවෙකු රෝහලේ

(UTV| කොළඹ) – සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්ව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තාවේ.

මෙම සිසුවා රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදුවූ බව පවසමින් හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.

ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් තිබේ.

නමුත් ඔහු යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මවුපියන් විසින් අදාළ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම නවතී

Mohamed Dilsad

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment