Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. පෙබරවාරි මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත’

යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයේ සේවය කළ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 49 වන යුද සේවා ලේකම්වරයා ලෙස ද යුද්ධ හමුදාවේ 17 වන ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කරනු ලැබීය.

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉන්දියානු හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 87 සහ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 31 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වූ අයෙකි. මූලික පුහුණුව සාර්ථකව හැදෑරු හෙතෙම දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව 2 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණි. මාතලේ ප්‍රදේශයේදී උපත ලද ඔහු, මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Related posts

PMSS ‘Dasht’ arrives at Port of Colombo

Mohamed Dilsad

Bolivian Senator declares herself President

Mohamed Dilsad

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment