දේශීය

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර විසින් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී සහ දේශපාලන පක්ෂවල නම වෙනස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවට හානි නොවන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් කර ඇති බවත් එම නමේ ඉංග්‍රිසි පරිවර්තනය United Naional Power යන්නයි.

එහි කෙටි යෙදුම UNP ලෙස දැක්වේ.

මෙය එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනය වන United National Party යන්නෙහි කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමකි.

ඒ හේතුවෙන් සමගි ජාතික ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම මඟින් එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යට සමාන වන බැවින් ඉහත නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙසට එම පක්ෂයේ නිතී ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා තිබේ.

Related posts

ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් ලැබෙන මුදල මෙන්න

Mohamed Dilsad

අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක්

Mohamed Dilsad

නීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4කට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment