දේශීය

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර විසින් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී සහ දේශපාලන පක්ෂවල නම වෙනස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවට හානි නොවන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් කර ඇති බවත් එම නමේ ඉංග්‍රිසි පරිවර්තනය United Naional Power යන්නයි.

එහි කෙටි යෙදුම UNP ලෙස දැක්වේ.

මෙය එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනය වන United National Party යන්නෙහි කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමකි.

ඒ හේතුවෙන් සමගි ජාතික ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම මඟින් එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යට සමාන වන බැවින් ඉහත නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙසට එම පක්ෂයේ නිතී ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා තිබේ.

Related posts

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මෙරට ඇමතිවරුන් කළ ප්‍රකාශය OIC-IPHRC හෙළා දකී

Mohamed Dilsad

ඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදියා නිරෝධායනය සඳහා බූස්සට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment