Trending Newsඑසැන පුවත්දේශීය

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම්

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (04) පියවර ගෙන තිබේ.

ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ, වීරකැටිය පොලිස් ස්ථානාධිපති , තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, කුඹුරුපිටිය විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති සහ ගල්කිස්ස පොලිස් සැරයන් සමන් ජයවර්ධන යන නිලධාරීන්ගේය.

මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27 වනදා නියෝග කර තිබුණි.

මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තැබීය.

Related posts

විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව

Editor O

பல்கலைக்கழக நுழைவுக்கான வெட்டுப் புள்ளி இவ்வார இறுதியில்

Mohamed Dilsad

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment