දේශීය

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගෙවී ගිය දිනයේ ග්‍රෑම් 36 කට ආසන්න හෙරෙයින් සමග ස්ථාන කිහිපයකදී සැකකාරියක ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ඒ අතරින් සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ම බොරැල්ල පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ක් සමග මැගසින් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව 40 වැනි වියේ පසුවේ.

බොරැල්ලෙදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 37, 53, 40, 29 යන වයස්වල පසුවන බොරැල්ල, දෙමටගොඩ , දෙහිඅත්තකණ්ඩිය, මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

තවත් සැකකරුවන් දෙදෙනකු ගල්කිස්ස පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 43 සහ 47 හැවිරිදි හොරණ සහ රත්මලානේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ග්‍රෑම් 6 කට ආසන්න හෙරොයින් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 75,000ක මුදලක් ද සමග 37 හැවිරිදි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උරගස්මංහන්දියේදී ය.

 

Related posts

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

බලපත්‍ර සහිත ගිනි අවි සහ උණ්ඩ, වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment