Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සංස්ථාවක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව මත හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මාලඹේ ඉසුරුපුර පදිංචිකරුවෙකි.

ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබීය.

Related posts

Six rescue divers drown trying to save teen in Malaysia

Mohamed Dilsad

Fifa loses nearly £300m in 2016 and scheduled to lose further £400m in 2017

Mohamed Dilsad

හිටපු ඇමති රාජිතගේ නඩුවකට අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment