Trending Newsඑසැන පුවත්දේශීය

අපි හොරා කෑවා කියන අයට අභියෝග කරනවා ඕනෑම අධිකරණයක නඩු දාන්න – අපේ නිර්දෝශීභාවය ඔප්පු කරනවා – නාමල් රාජපක්ෂ

අපි හොරා කෑවා කියන අයට, අභියෝග කරනවා ඕනෑම අධිකරණයක නඩු දාන්න, අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොටිකාවත්ත ප්‍රදේශයේ 17දා පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා, මෙසේ ද කීවේය. අපි හොරා කෑවා කියලා කියන අයට අභියෝග කරනවා ලෝකයේ ඕනෑම අධිකරණයකට යන්න අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම්. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණදෙන්න බයද කියලා අරගලෙන් පස්සේ. අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ.

අපි ගැන වෙනස් අවබෝධයක් තියෙන්න ඇති.වැරදි මතයක් තියෙන්න ඇති, හැබැයි අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපිට ආත්ම ශක්තියක් තියනවා. අපි ආවට ගියාට පාරවල් හැදුවේ නෑ. අපි ආවට ගියාට මහල් නිවාස හැදුවේ නෑ. ආයෝජකයෝ ගෙනාවේ නෑ. අපි සැලැස්මක් දැක්මක් තියෙනවා. මේ රට ගොඩනගන්න.. කරපු හැම ආයෝජනයකටම අපි වග කියනවා. ගත්තු හැම ණයකටම මේ මහ පොළොවට වටිනාකමක් දීලා තියනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා.  

අපි නිර්දෝශී නිසා බය නැතුව ජනතාව අතරට එන්න අපට ආත්ම ශක්තිය තියෙනවා. අපි හැදිච්ච දේශපාලන පරිසරයත් එක්ක මම අභියෝගවලට ආදරේ කරනවා. මේ රට ගොඩනගලා ඔබේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන අභියෝගයත් මම ආදරය කරනවා. ඒ අභියෝගය මම ජයග්‍රහණය කරනවා.

Related posts

National Vesak festival to commence today

Mohamed Dilsad

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

Mohamed Dilsad

Showers expected to continue further

Mohamed Dilsad

Leave a Comment