Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී ඇරඹේ – නොමිලේ තරඟය නරඹන්න අවස්ථාව

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ක්‍රීඩාංගනයේදී අද (18) පෙරවරුවේ ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති අතර ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරගයේ විවේක දිනයක් ලෙස නම්කර තිබේ.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම- නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ය.

Related posts

Gorbachev warns on US nuclear treaty plan

Mohamed Dilsad

Ranjan goes to FCID against Rajapaksa’s Chinese campaign funds

Mohamed Dilsad

93 உள்ளுராட்சி மன்றங்களுக்கு தேர்தலை நடத்துவதற்கான வர்த்தமானி அறிவிப்பு வெளியானது

Mohamed Dilsad

Leave a Comment