දේශීය

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

(UTV | කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට උපදෙස් ලබා දී තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නුවරඑළියෙහි ජාතික තවුහිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණුව ලැබුවේයැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් වේ.

මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුවයි.

අද (28 ) මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ. සි රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 11 දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කර තිබේ.

Related posts

විශ්‍රාම වයස වැඩිකිරීමේ පනතට කතානායකගේ අත්සන

Mohamed Dilsad

පවතින තත්ත්වය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකියි

Mohamed Dilsad

ඉදිරි අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අලුත් වාහන

Editor O

Leave a Comment