දේශීය

චීනයේ සිට ලංකාවට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරට

(UTV | කොළඹ) –  චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ලංකාවට එන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත ප්‍රථමයෙන්ම යොමු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවත් , ඒ අනුව ක්‍රියාකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාව හමුදා කඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

නැවත මුව ආවරණ පළඳින ලෙස දැඩි නිර්දේශ

Mohamed Dilsad

පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ග වලට නීතිපතිගේ අනුමැතිය

Mohamed Dilsad

අන්තරේ සිසුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment