දේශීය

මත් උවදුර මැඩලීමට විශේෂ කාර්ය සාධක බලකායක්

(UTV| කොළඹ) –  මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් කඩිනමින් පිහිටුවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේය.

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම එහි ප්‍රධාන අරමුණ බව ඔහු ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශ , පොලිසිය , විශේෂ කාර්ය බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වැනි පාර්ශවවල සාමූහික ප්‍රයත්නයෙන් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරෙනු ඇත.

ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ පරිපාලනයද මේ යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට පකිස්ථානයෙන් සහතික වී තිබේ.

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුර / වෘත්තීය සඳහන් කිරීම තහනම්

Editor O

තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි

Mohamed Dilsad

Leave a Comment