දේශීයව්‍යාපාරික

තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි

(UTV | කොළඹ) – ඩොලර් ප‍්‍රශ්නය නිසා තිරිඟු පිටි ආනයනය සීමාවීමත් සමග රටපුරා බේකරි නිෂ්පාදන කටයුතු සියයට පනහකින් පමණ පහළ වැටී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසීය.

මේ වනවිට විවිධ නම්වලින් යුත් පිටි වෙළෙඳ පොළට නිකුත්කරන බවත් ඒ අනුව පිටි කිලෝවක මිල 110, 115, 120 ආදී විවිධ මිල ගණන්වලට මිලදී ගැනීමට සිදුවී ඇති බවත් ඇතැම් ප‍්‍රදේශවල බේකරි හිමියන්ට එම මිල ගණන්වලට පවා පිටි මිලදී ගැනීමට නොහැකිවීමෙන් ඇතැම් බේකරි සතියට දින දෙක තුනක් වසා දැමීමට සිදුවී ඇති බවත් ඒ මහතා කීය.

මෙරටට තිරිඟු පිටි ආනයන කරන ප‍්‍රධාන සමාගම් දෙකම පිටි ආනයනය කරගත නොහැකිව සිටින බවට දැනුම්දී ඇතැයි ද හෙට අනිද්දා වන විට තිරිඟු පිටි හිඟය තවත් උත්සන්න වනු ඇතැයි ද ජයවර්ධන මහතා පැවැසීය.

දැනට වෙළෙඳපොළේ පාන් මිල ගණන් ඉහළ දමා නැතිමුත් අනෙකුත් බේකරි නිෂ්පාදන විවිධ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුවී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිරිල් ගාමිණි පියතුමා අදත් CIDයට

Mohamed Dilsad

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment