දේශීය

නැවත මුව ආවරණ පළඳින ලෙස දැඩි නිර්දේශ

(UTV | කොළඹ) – පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය හමුවේ නැවත වරක් මුව ආවරණ පළඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැළඳීමට නිර්දේශ කරන බවයි.

එය නීතියක් වශයෙන් පැනවීමක් සිදුනොකළ ද සියලූ ජනතාව මුව අවරණ පැළඳීම මෙම අවස්ථාවේ අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාධිතයන් 75 දෙනෙකු වාර්තා වී තිබුණා.

Related posts

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

Mohamed Dilsad

STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment