Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් – රනිල්ට සහය නැහැ.

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය  අද (29)  තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ එම රැස්වීම පැවැත්වින.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ  මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි. පක්ෂය තුළින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන කරන අතර, වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නැතැයි හෙතෙම සඳහන් කළේය.

පොහොට්ටුව ලකුණින් පක්ෂයේ සාමාජිකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය ගැන අදහස් දැක්වීමක් වුණා. කිහිපදෙනෙක් විරුද්ධ වුණා. අති බහුතරයක් පක්ෂ වුණා. එහිදී අති බහුතරයෙන් සම්මත වුණා ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව. මේ තීරණයට එරෙහි වුණොත් ඒ අයටත් පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් යෝජනා සම්මත වුණා.

Related posts

நாட்டில் உள்ள அனைத்து மதுபானசாலைகளும் கண்கானிக்கப்படும்

Mohamed Dilsad

போலி ஆவணங்களை தயாரிக்கும் நிறுவனம் சுற்றிவளைப்பு – மூவர் கைது

Mohamed Dilsad

உலக சிறுவர் முதியோர் தினம் இன்று

Mohamed Dilsad

Leave a Comment