Trending Newsඑසැන පුවත්දේශීය

සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නතර කරන්න – මැ.කො. සභාපති l එවැනි නියෝග නිකුත් කරන්න බැහැ – ජනාධිපති ලේකම්

(UTV | කොළඹ) –

සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නැවැත්වීම සදහා රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග හා උපදෙස් නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති ආර්. ඒ. එල් රත්නායක මහතාට දැනුම් දී තිබෙනවා.

සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නතර කිරීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එවා තිබූ ලිපියකට පිළිතුරක් වශයෙනුයි ජනාධිපති ලේකම්වරයා මේ බව ලිඛිතව දැනුම් දී ඇත්තේ.

මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබූ රටකි. ජනතාවගේ මූලික අවංශ්‍යතා හෝ සපුරාලීමට රජයට හැකියාවක් නොපැවතුනු පසුබිමක මැතිවරණ පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොතිබුණු බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හරහා මේ වනවිට ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා. පීඩාවට පත්ව සිටින ජනතාව සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකග වූ ආදායම් ඉලක්ක සපුරා ගනිමින් වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍ය කරුණකි. ඊට යම් බාධාවක් සිදුවුවහොත් යළි ආර්ථිකය කඩාවැටී දැඩි ආර්ථික අර්බුදයකට රට ගමන් කිරීම නොවැළැක්විය හැකිවනු ඇත. රජය ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන හා සුබසාධන වැඩසටහන් අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රධාන අංගයකි.

ඒවා නවතා දැමුවහොත් මෙතෙක් දැඩි ආර්ථික අර්බුදයෙන් මිරිකී ජීවත් වූ ජනතාව තව තවත් දුක්ඛිත තත්ත්වයකට පත්වනු ඇත. ජනතාව එවැනි දුක්ඛිත තත්ත්වයකට පත්කිරීමට රජයට කිසිදු අදහසක් නැත.

එමෙන්ම එම සංවර්ධන හා සුබසාධන වැඩසටහන් අනීතික ක්‍රියා ලෙස අර්ථකතනය කිරීමට ද නොහැකි බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

මේ නිසා තමන්ට අදාළ වැඩසටහන් නැවැත්වීමට රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග හා උපදෙස් නිකුත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි පිළිබද කටයුතු කිරීමේ දී අදාළ සියලු පාර්ශ්වයන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවකාශය ලබාදීම ද සුදුසු බවයි ජනාධිපති ලේකම්වරයා යෝජනා කරන්නේ.

තවද මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණ සමය තුළ රාජ්‍ය ආයතන හා නිලධාරීන් වෙත උපමාන නිකුත් කිරීමේ දී රටේ ආර්ථිකය හා අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබදව ද අවදානය යොමු කරනු ඇතැයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ විවිධ පත්වීම් ලබාදීමේ කටයුතු උසස්වීම් ලබාදීම් වැටුප් වැඩිකිරීම්වලට අමතර වශයෙන් වූ විවිධ සංවර්ධන වැඩසටහන් හා සුබසාධන වැඩසටහන් සියල්ලම ඉදිරි මැතිවරණය ඉලක්ක කොට සිදුකරන අපේක්ෂක ප්‍රවර්ධන වැඩසටහන් බවට නිරීක්ෂණ කණ්ඩායම් හා දේශපාලන පක්ෂ හා මහජනතාවගේ අදහස වී ඇති නිසා එවැනි අනීතික ක්‍රියා නතර කරන ලෙසට සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිත නියෝග හා උපදෙස් ලබාදෙන ලෙසයි.

Related posts

India issues a travel advisory on Sri Lanka

Mohamed Dilsad

Election Commission takes new steps to improve security at polling centers

Mohamed Dilsad

President, former President mourns death of veteran Indian politician Karunanidhi

Mohamed Dilsad

Leave a Comment