Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ විජයදාසට අධිකරණයෙන් නියෝගයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය සැප්තැම්බර් මස 24 වන දා දක්වා දීර්ඝ කරන ලෙස, කොළඹ දිසා අධිකරණය අද (29) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද (29) යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට අද (29) උදෑසන  නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණ.

Related posts

බූස්ස බන්ධනාගාර රැඳවුවෙකුගේ කුටියේ තිබී ස්මාට් ජංගම දුරකථනයක් හමුවෙයි

Editor O

Motion approved to suspend Wimal, Prasanna from attending Parliament

Mohamed Dilsad

ஐசிசி-இலங்கைக்கு இரண்டு வாரகால அவகாசம்

Mohamed Dilsad

Leave a Comment