Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවයි – වැඩබැරි පක්ෂවල දේශපාලනඥයන් එක් වී අපට මඩ ගහනවා – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

ආණ්ඩුවයි විපක්ෂයේ සමහර වැඩබැරි පක්ෂ හා දේශපාලනඥයන් එකට එකතු වී ඇති බවත් ඔවුන් එකට එකතු වී බෙදිල්ල හරියන්නැ යැයි පවසන බවත් මොවුන්ට අනුව සම්පත් නොමැති තැනට සම්පත් දෙන එක වරදක් වී ඇත් බවත් මේ සියලු දෙනාම එකට එකතු වී ඇත්තේ මත්පැන් බලපත්‍ර ලබා දීමෙන් බවත් මොවුන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියා පන්සල් ඉදිරිපිට බියර් බාර් දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි නීච නින්දිත ඩීල් ගසා සක්වල හා හුස්ම වැඩසටහන්වලට අපහාස කරන බවත් පරිගණක බෙදන එක වරදක් වුවත් බියර් පර්මිට් ලබා දෙන එක වරදක් නොවී ඇති බවත් මොවුන් සිය දේශපාලන ප්‍රතිපත්ති සියල්ල මුදලට පාවා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 21) කුරුණැගල යාපහුව වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 249 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

Related posts

அஜித் பி பெரேரா முன்வைத்த குற்றச்சாட்டு நிராகரிப்பு

Mohamed Dilsad

තුර්කියෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

Mohamed Dilsad

Fernando Alonso fifth in Indy 500 qualifying as Scott Dixon takes pole

Mohamed Dilsad

Leave a Comment