Trending Newsඑසැන පුවත්දේශීය

නීතිපති සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙයිද..?

(UTV | කොළඹ) –

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම්ට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව ඉදිරියේදී සංජය රාජරත්නම්ට මාස 6 ක කාලයක් සේවා දිගුවක් ලබාදීම වෙනුවෙන් වන නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යළි යොමු කරනු ඇතැයි ද සඳහන්. එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා විසින් එක ලිපියකින් මෙයට විරෝධය පළ කිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කිරීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිගේ නිර්දේශය මත අගවිනිසුරු නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුවද එය 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා. නැවතත් 21 වෙනි සංශෝධනය යටතේ 19 වෙනි සංශෝධනයේ වගන්තියම ඇතුළත් කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කළ හැකි බව ද දක්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

වත්මන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය තුලින් දැඩි විවේචනයක් ඇතිවී තිබෙනවා, ඒ ජනාධිපතිවරණයකට දින නියම කිරීමට කෙටි කාලයක් තිබියදී රටේ අධිකරණ ක්ෂේත්‍රයේ වැදගත් ආයතනයක් සහ වැදගත් තනතුරක් වන නීතිපති ධූරය තමාට අවනත කරගැනීමේ ක්‍රියාවලියක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සිටින බව පවසමින්.

කෙසේ වෙතත් සේවා දිගුවක් ලබා දීම සඳහා වත්මන් නීතිපතිවරයාගේ නම පළමුවරට යෝජනා කළ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් එම නම ප්‍රතික්ෂේප වීමත් සමඟ මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැනි මෙම ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීනයින් කියා සිටියේ ශ්‍රී ලංකේය ඉතිහාසයේ මේ වන තෙක් කිසිඳු නිතිපතිවරයෙකුට සේවා දිගුවක් ලබා දී නොමැති බවත්, ජනාධිපතිවරයා විසින් වත්මන් නීතිපති සංජය රාජරත්නම් මහතාට ලබා දිමට යෝජනා කළ සේවා දිගුව ප්‍රතික්ෂේප වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ වැදගත් ජයග්‍රහණයක් බවයි

Related posts

President says Sri Lanka will go ahead with death penalty to drug dealers

Mohamed Dilsad

பொதுஜன பெரமுன அரசியல் கட்சிகளுடன் புரிந்துணர்வு ஒப்பந்தம்

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment