දේශීය

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට වර්ජනයකට සූදානම්

(UTV | කොළඹ) –  ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය හමුවක් අද (27) දින කොළඹ පිහිටි සංගම් ශාලාවේ දී පැවැත්වූ බව වාර්තා වනවා.

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ජනතාවට සුදුසු ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ දී යන ලෙස යි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහි දී ලංකා ගුරුසේවා සංගමය සභාපති ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින්, හෙට දිනයේ මෙම රජය ගෙදර යැවීමට සියලු කටයුතු සූදානම් බව සඳහන් කර තිබෙනවා.

රට අස්ථාවර කර ඉදිරියට යා නො හැකි බව හා උද්ඝෝෂණයෙන් පසු ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව යි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසා ඇත්තේ.

Related posts

සෞඛ්‍ය සේවක අතීකාල දීමනා ගැටළුව නොවිසඳන්නේනම් වැඩ වර්ජනයක් කරනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්

Editor O

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment