දේශීය

ඉන්ධන බෙදාහැරීම පිළිබඳව ඇමති තැබූ සටහන

‍කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවය.

 

පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් ද කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

 

ඒ අනුව දෛනිකව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන අතර දිවයිනේ සෑම පිරවුම්හලකම හිඟයකින් තොරව ඉන්ධන පවතින බව කංචන විජේසේකර මහතා පෙන්වා දී ඇත.

 

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

Mohamed Dilsad

දුම්වැටි 14 000 ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment