දේශීය

ලංකාවේ ලක්ෂ 75ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක

‍මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එක්ව සිදුකළ නවතම අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවය.

 

ඇතැම් පළාත්වල සියයට 88ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කළේය.

 

‍2019 වර්ෂයට සාපේක්ෂව මේ වනවිට මෙරට ආහාර සුරක්ෂිතතාව පහත වැටී ඇති බව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරත් පැවසීය.

Related posts

මද්දකට හසුවූ තවත් කොටියෙක් මරුට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව

Editor O

රු 162,000කට වෙන්දේසි වූ අඹ ගෙඩිය

Mohamed Dilsad

Leave a Comment