දේශීය

හෙට වර්ජන කිසිම අර්ථයක් නෑ – දිලුම්

(UTV | කොළඹ) – හෙට (28) දිනයේ පැවැත්වෙන වැඩවර්ජන මාලාව හේතුවෙන් විවිධ පාර්ශවයන් හා ආයතනයන් වෘත්තීය ක්‍රි‍යාමාර්ගවල නිරත වීමට නියමිත යි.

ඊට සමගාමී ව කිසිදු ආකාරයක පොදු ප්‍රවාහනය තුළ එවැන්නක් සිදු නො වන බව, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

දුම්රිය හා බස් රථ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළ බවත් ඒ හරහා එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා දැනුම් දී සිටිනවා.

මේ මොහොතේ වර්ජනය කිරීමෙන් අපහසුතාවට පත් වන්නේ දුප්පත් මහජනතාව ම බව පැවසූ අමාත්‍යවරයා, වර්ජකයින්ගේ පණිවිඩය ජනාධිපතිවරයා හා අගමැතිවරයා තේරුම් ගැනීමට උත්සාහ කරමින් යම් යම් විසඳුම්වලට එළැඹීමට තීරණය කර ඇති බවත් සඳහන් කරනවා.

තමන් වැනි ම දුප්පත් ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන මෙම වර්ජනවල කිසි ම අර්ථයක් නැති බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Related posts

බන්ධනාගාර ඇමතිව වහා ඉවත් කරන්නැයි විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දින 02 ක්

Mohamed Dilsad

Leave a Comment