දේශීය

බන්ධනාගාර ඇමතිව වහා ඉවත් කරන්නැයි විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේදී නින්දිත හා නීති විරෝධීව හැසිරුණු බව කියන රජයේ ඇමතිවරයා වහා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

එම සිදුවීම තරයේ හෙළා දකින බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් මෙරට පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබන බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

මාතෘ භූමියේ ජීවත්වන සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවයි විපක්ෂ නායකවරයා සිහිපත් කරන්නේ.

මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයක් බවද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

කොළඹ බන්ධනාගාර මූලස්ථානයට පසුගිය 06 වනදා මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුලු වූ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුලු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලා.

මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන ඇති බවටද වාර්තා පළවනවා.

සිය මිතුරන්ට එල්ලූම් ගස පෙන්වීමට අවශ්‍ය බව පවසමිනුයි ඉකුත් 06 වැනිදා මෙම රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ බන්ධනාගාර මූලස්ථානයටද ඇතුලුවී ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

Related posts

රාජ්‍ය ආයතන වල මහජන දිනය වෙනස කෙරේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන ආකාරය [RELEASE]

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment