විදෙස්

මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේ

(UTV |  මෙල්බර්න්) – ලොව දීර්ඝතම කොරෝනා නිරෝධායන සමය ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලබන සිකුරාදා සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මාස 09 කට ආසන්න කාලයක් මෙල්බන් නුවර වසා දැමීම් 06කට ලක්වුණා.

එම මුළු කාලසීමාව දින 262ක් වන අතර, එය ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර දින 234ක් වසා දමා තිබූ දීර්ඝ නිරෝධායන සමය අභිබවනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙලෙස යළි විවෘත කෙරෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් සිදුවද්දීයි.

ප්‍රාන්තයේ ජනගහනයෙන් සියයට 70 කට පූර්ණ එන්නත්කරණය ලබා දී ඇති අවසන් නිසා මෙලෙස මෙල්බර්න් නුවර විවෘත කිරීමට තීරණය කළ බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කළේ.

Related posts

ඔස්ට්‍රේලියාවේ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය මාස 3 කට නවතී

Mohamed Dilsad

ගුවන් අනතුරකින් පහක් මිය යයි

Editor O

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

Mohamed Dilsad

Leave a Comment