විදෙස්

ඇමරිකාව විදෙස් සිසුන් පිටුවහල් කිරීමේ සැලසුම අත් හරී

(UTV | ඇමරිකාව) – විදේශීය සිසුන් පිටුවහල් කිරීමේ සැලසුම අතහැර දැමීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතන 02 ක් වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය සහ හාර්වර්ඞ් විශ්ව විද්‍යාලය විසින් අමෙරිකා රජයට එරෙහිව නඩු පැවරීමට තීරණය කිරීම ඊට හේතුව වී තිබේ.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට පූර්ණ පාඨමාලා පැවැත්වීමට අධ්‍යාපන ආයතන රැසක් තීරණය කිරීමත් සමග ඒවායෙහි සිසුන්ට වහා සිය රටවලට යන ලෙසට අමෙරිකාව දැනුම් දී තිබුණි.

එහෙත් අධිකරණයේදී එම ගැටලුව සාකච්ඡා මගින් විසඳාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පැවසීය.

 

 

Related posts

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුට

Mohamed Dilsad

ඉරානයට ඉදිරියේදී දැඩි සම්බාධක පනවනවා – ට්‍රම්ප්

Mohamed Dilsad

විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

Mohamed Dilsad

Leave a Comment