විදෙස්

ඉරානයට ඉදිරියේදී දැඩි සම්බාධක පනවනවා – ට්‍රම්ප්

(UTV | ඇමරිකාව) – ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් තම සෙබළුන් ආරක්ෂිතව සිටින බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ ඉරානයට පිළිතුරු දීමක් වශයෙන් ඉදිරියේදී දැඩි නව ආර්ථීක සම්බාධක පනවන බවයි.

බැග්ඩෑඩ් ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා ප්‍රධානී ජෙනරාල් කසෙම් සොලෙයිමානි ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනාධිපති ජාතිය අමතමින් පැවසුවේ මැදපෙරදිග ඉන්ධන ඇමරිකාවට අවශ්‍ය නොවන බවත්, තමන් බලයේ සිටින තාක් ඉරානයට කිසිදු විටක න්‍යෂ්ටික අවි භාවිත කිරීමට ඉඩ නොදෙන බවත්ය.

පසුගියදා ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස ඊයේ (08) ඉරානය විසින් ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවේය.

Related posts

සෙනසුරු ග්‍රහලෝකය බ්‍රහස්පති අභිබවා යයි

Mohamed Dilsad

ඇමරිකානු පුරවැසියන්ට යුරෝපා රටවලට පැමිණීමේදී සීමා දැඩි වෙයි

Mohamed Dilsad

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment