දේශීයව්‍යාපාරික

සහල් මිල තවත් වැඩිවන ලකුණු

(UTV | කොළඹ) – ඉදිරියේ දී සහල් කිලෝවක් තවත් රුපියල් 25කින් පමණ ඉහළ යා හැකි බැවින් රජය සහල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ අතර උසි ගැන්වීම්වලට හසු නොවී කුඹුරට බැස වගා කටයුතු සඳහා එක්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

වෙළඳපොළේ සහල් මිල මේ වනවිට ජනතාවට දැරිය නොහැකි මට්ටමක පවතිනවා.

සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර, එවන් තත්වයක් මත ඉදිරියේ දී සහල් මිල තවත් ඉහළ යා හැකි බවයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම පොළොන්නරුවේදී ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.

Related posts

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල තවත් 6 ක් නිරෝධායනයට

Mohamed Dilsad

චීන ජාතිකයින් විසින් ලාංකික සිසුන්ට පරිත්‍යාගයක්

Mohamed Dilsad

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

Leave a Comment