දේශීය

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල තවත් 6 ක් නිරෝධායනයට

(UTV| කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06 දෙනෙක් අද නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් මගින් අදාළ පිරිස සොයාගෙන ඇත.

මෙලෙස හදුනාගනු ලැබූ පිරිස ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණකට ලක් කිරීමෙන් අනතුරුව වැලිසර ළය රෝහලෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.

Related posts

ඇඳිරි නීතිය බලාත්මක ප්‍රදේශවල නඩු සඳහා වෙනත් දින දෙයි [RELEASE]

Mohamed Dilsad

ඌරගස්මංහන්දියේ වෙඩිතැබීම ගැන පුළුල් විමර්ශනයක්

Mohamed Dilsad

චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment