දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතයි

(UTV | කෝවිඩ්-19) –  වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (19) සිට පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා දිනපතා විවෘත කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.

ඒ, අද පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාර කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

විවෘත කළ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථානයට පිවිසිය යුතු බවත් , පිවිසෙන සියලුදෙනාම විෂබීජහරණයකට ලක් කිරීම දෑත් පිරිසිදුව තබා ගැනීම මෙන්ම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන බවත් ඔහු සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම දිනකම පස්වරු 6 ට වෙළඳාම් අවසන් කර විෂබීජහරණය කර වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.

මුඛ ආවරණ නොමැතිව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය දින 14 ක් පුරා වසා තැබුණු බවත් මේ වනවිට ගොවීන්ගේ සහ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපකිරීම් කළ සියලු දෙනාට තම ස්තුතිය පල කරන බවත්ය.

Related posts

නිරෝධායන නීති කැඩූ 67,000කට වැඩි පිරිසක් මේ දක්වා අත්අඩංගුවට.

Mohamed Dilsad

වරාය නගරයේ වෙරළ තීරය ලබන වසරේ දී විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 කට අධිචෝදනා

Mohamed Dilsad

Leave a Comment