විදෙස්

දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්

(උදයම්, කොළඹ) – චීනය විසින් දකුණු චීන මුහුද ගොඩකර තනා ඇති දූපත ආසන්නයෙන් ඇමරිකානු නෞකාවක් යාත්‍රා කර තිබේ.

මෙම කෘත්‍රිම දූපතට නාවික සැතපුම් 12ක් පමණ ආසන්නයෙන් මෙම නෞකාව යාත්‍රා කළ බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

එම මුහුදු කලාපයට චීනය අයිතිවාසිකම් කියන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඊට ඇමරිකාව අභියෝගකළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

චීනය කියා සිටියේ එක්සත් ජනපදයට අයත් නෞකාවක් තම සමුද්‍ර කලාපයට “අනවසරයෙන්” ඇතුළු වූ අතර තම කලාපයෙන් පිටවන ලෙස චීන නාවික හමුදාව ඊට අනතුරු ඇඟවූ බවය.

Related posts

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

Mohamed Dilsad

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

Mohamed Dilsad

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment