විදෙස්

තම මවගේ මරණය ආවර්ජනය කරමින් බියෙන් පසුවන හැරී කුමරු

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ මේගන් කුමරිය බ්‍රිතාන්‍ය පුවත්පතකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මේගන් කුමරියගේ පියාට යවන ලද ලිපියක් අදාළ පුවත් පත විසින් පළ කිරීම හේතුවෙන් මතුව ඇති තත්ත්වයක් සම්බන්ධයෙන්.

තම මවගේ එනම් ඩයනා කුමරියගේ මරණය සිදුවූ ආකාරයට සමාන සිදුවීමක් යළිත් සිදුවේදැ යි සහ තමාගේ බිරිඳටත් එම ප්‍රබල බලවේගයන්වල වින්දිතයෙකු බවට පත්වීමට සිදුවේදැයි තමා හට යම් බියක් පවතින බවත් හැරී කුමරු සදහන් කර තිබේ.

1997 වසරේදී පැරිසියේ උමං මාර්ගයකදී පැපරාසී මාධ්‍යවේදීන් පිරිසක් ලුහු බඳිමින් සිටියදී සිදූවූ ඉතා අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් ඩයනා කුමරිය ජීවිතක්ෂයට පත්වූයේ මුළු ලෝකයක්ම කදුළු සාගරයේ ගිල්වමින්.රජ පවුලේ සාමාජිකාවක් වුණත් එයින් උඩගු නොවී ඉතාමත් සරල ජීවිතයක් ගත කිරීමට ඩයනා කුමරිය පුරුදු වී සිටියාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් බෝට්ටු අනතුරක් – 29ක් මිය යයි

Mohamed Dilsad

බෝයිං 737 ගුවන් යානයක් තුර්කියේදී නැවත අනතුරට

Mohamed Dilsad

ඉතියෝපියාවේ ලක්ෂ හතරක් ආහාර හිගයක

Mohamed Dilsad

Leave a Comment