දේශීය

A/L හා ශිෂ්‍යත්වය අගෝස්තු මාසයේ නොපැවැත්වීමේ සූදානමක්

(UTV | කොළඹ) – මෙම වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බවයි.

සියලු පළාත් අධ්‍යක්ෂවරුන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එම සාකච්ජාව සිදු කර තිබේ.

පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තුව අඩු නොවේ

Editor O

තිලිණි ප්‍රියමාලි ගණුදෙනුවට පරීක්ෂණයක් ඉල්ලා ගම්මන්පිල සී.අයි.ඩී.යට

Mohamed Dilsad

දෛනික ආසාදිතයන් වැඩිම යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment