දේශීය

තිලිණි ප්‍රියමාලි ගණුදෙනුවට පරීක්ෂණයක් ඉල්ලා ගම්මන්පිල සී.අයි.ඩී.යට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය.

මෙහිදී මන්ත්‍රිවරයා තමන් සතු ලියකියවිලි කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට වාර්තා වෙයි.

මේ අතර මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ද සටහනක් තබමින් කියාසිටියේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.

Related posts

අර්ජුනට ඇමතිකම වුණත් දෙන්න මම සුදානම් -රොෂාන්

Mohamed Dilsad

සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජයේ තීරණයක්

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment