දේශීය

මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය යයි

(UTV |කෑගල්ල) – ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඇතා ඊයේ (29) පස්වරුවේ මිය ගොස් තිබේ.

මිය යන විට මෙම හස්තියාට වයස අවුරුදු 68 ක් පමණ විය.

වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා විසින් මෙම හස්තියා මිලදි ගත්තේය.

මෙම ඇතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි. 1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ජයන්ති නම යොදා තිබේ.

ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත වුණා.දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඩුව වැඩමවා ඇති අතර 2017 වසරේ ප‍්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩමා ඇත.

 

Related posts

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

IMF උපදෙස් මත පාකිස්තානය බදු ඉහළ දමයි

Mohamed Dilsad

මන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment