දේශීය

IMF උපදෙස් මත පාකිස්තානය බදු ඉහළ දමයි

ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතයට මුහුණපා සිටින පාකිස්තානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

 

නව බදු ලෙස එරට මුදලින් රුපියල් බිලියන 200ක් උපයාගත හැකි ආකාරයට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

 

නව කෙටුම්පත යටතේ බදු සහ ගංවතුර බදු ලෙස කොටස් දෙකක් වෙන් කර ඇති අතර බදු ක්‍රම යටතේ පාකිස්තානු රුපියල් බිලියන 100 බැගින් එක්රැස් කරගැනීමට නියමිතය.

 

එහිදී අපනයන භාණ්ඩ මත බදු පැනවීම සහ බලශක්ති සහ ගෑස් මිල ඉහළ දැමිම ට යෝජනා වී ඇත.

 

එමෙන්ම විදුලි සහනාධාර අත්හිටුවීමටත් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

 

ආර්ථික අර්බුදයක පසුවන පාකිස්තානයේ විදෙස් සංචිත අමෙරිකානු බිලියන 3.68ක් දක්වා පහත බැස ඇති අතර එය ප්‍රමාණවත් වන්නේ සති තුනක ආනයන වියදම සඳහා පමණි.

 

එමෙන්ම පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල පාකිස්තානු රුපියල් 35කින් වහාම ඉහළ නැංවීමටත් රජය පියවර ගෙන තිබේ.

Related posts

කොලොම්බියාවේ බස් රථයක් පුපුරා යයි

Mohamed Dilsad

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Mohamed Dilsad

කතානායක ආචාර්යය අශෝක රංවලගේ, ආචාර්යය උපාධිය ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරාවි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment