දේශීය

මන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරීම තුළින් රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සහ කරන බව ඔහු සඳහන් කරයි.

 

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් මහතා එම අදහස් පළ කළේය.

 

“මැතිවරණ කන්තෝරුව ඒ අය සුදානම් කරලා තියෙනවා. නමුත් අද වෙනකල් ට්‍රෙෂරි එක සල්ලි දුන්නේ නෑ කියලා ඒ අය චෝදනා කරනවා. පොලීසිය එස්ටිමේට් එකක් එවලා තියෙනවා. ඒක වැඩියි කියලා ආපහු එවලා. මේවගේ පරස්පර විරෝධය පෙන්නලා, ඒ අය කොහොම හරි මේක කල්දාලා නවත්ත ගන්න තමා බලාපොරොත්තු වෙන්නේ. මම නම් කියන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. ඒකට ඡන්දයක් ඕනේ. ඒ ඡන්දය පවත්වන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස මේ 225 දෙනාගේ පඩි මාස දෙකක් නවත්තලා හරි ඡන්දය පවත්වන්න ඕනේ. මම නම් සුදානම් මගේ පඩිය දෙන්න. අනිත් අය කොහොමද මම දන්නේ නෑ.”

Related posts

නිරෝධායන නීති කඩකළ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 කට නඩු

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 85ක්

Mohamed Dilsad

ලොහාන් රත්වත්තට තවත් රාජ්‍ය ඇමති කමක්

Mohamed Dilsad

Leave a Comment