දේශීයප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

(UTV | කොළඹ) -අද (05) සිට (12) දින දක්වා බලපැවැත්වෙන පරිදි සතියක කාලයක් පොදු සමා කාලයක් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමටයි.

මේ සඳහා වන නෛතික ක්‍රියා පටිපාටි කඩිනමින් සිදුකිරීම සඳහා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය/විදේශ ගමන් බලපත්‍රය හෝ එහි පිටපතක් හෝ එම ලේඛන තම සන්තකයේ නොමැති නම් සිය බැංකු පොතේ ඡායා පිටපතක් හෝ අදාළ ග්‍රාම නිලධාරියා විසින් නිර්දේශ කරන ලද ලිපියක්, නොඑසේනම් අදාළ ලිපි ලේඛණ අස්ථානගත වී ඇති බවට කිසියම් වූ පොලිස් ස්ථානයක සිදු කරන ලද පැමිණිල්ලක පිටපතක් රැගෙන එන ලෙසට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

මිට අමතරව බලපත්‍ර නොමැතිව භාවිත කරනු ලබන හෝ ළඟ තබාගෙන සිටින අනවසර ගිනි අවි රජයට භාරදීමේ සහන කාලයද අද (05) සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ මස 12 වනදා දක්වා එය ක්‍රියාත්මක අතර, බලපත්‍ර නොමැති ගිනිඅවි පවතීනම්, එම කාලසීමාව තුළදී අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත ඒවා භාරදිය හැකි බවයි.

Related posts

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment