දේශීය

ඩොලර් සියයයේ නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

(UTV |මන්නාරම) – ඇමරිකානු ඩොලර් සියයයේ නෝට්ටු 706 ක් සහිත පාර්සලයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(05) දිනයේ යුද හමුදාව සහ පොලීසිය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම – තාරපුරම් මංසන්ධියේ යුද හමුදා මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියක් පරීක්ෂා කර තිබේ.

මෙහිදී යතුරුපැදියේ සඟවා තිබූ මුදල් නෝට්ටු පාර්සලය සොයාගනු ලැබුවේය.

මෙම විදෙස් මුදල් නෝට්ටු ලැබුණු ආකාරය පිළිබඳව යතුරුපැදිකරු පැහැදිළි කිරීමට අපොහොසත් වී තිබේ.

මේ නිසා සැකපිට යතුරුපැදිය පැදවූ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට තොරතුරු ලැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකුද ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙම මුදල් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත්තෙද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

Related posts

සමගි ජන බලවේගයෙන් ඉවත්වූ තවත් අපේක්‍ෂකයෙක්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

බේරේ වැව පිරිසිදු කිරීමට චීන සහය ලබා ගැනීමට සාකච්ඡාවක්

Editor O

Leave a Comment